Life
තන්තුමය ආහාර ලබානොගැනීම නිසා ඔබට ඇතිවිය හැකි ලෙඩ රෝග මෙන්න
සිරුරට අවශ්‍ය සමබර ආහාර වේලක් ගැනීම නිරෝගීව සිටීමටනම් අත්‍යවශ්‍යය දෙයක්. මේ සමබර ආහාර වේල් ගැනීමේදී එයට තන්තුමය ආහාර එකතු කරගැනීම බොහෝම වැදගත්. පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග වලින් ප්‍රමාණවත් තරම් තන්තු සිරුරට ලබා ගත හැකි නිසා, එය අමාරු කාර්යක් නෙවෙයි. ඒත් බොහෝ දෙනෙකු තන්තු වල ඇති වැදගත්කම නොසලකා හැරීම නිසා විවිධ ගැටළු හා රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙනවා.
මෙම ලිපියෙන් කියවෙන්නේ තන්තුමය ආහාරවල ඇති වැදගත්කම අමතක කර සිටීම නිසා කාලීනව ශරීරයේ ඇතිවන ලෙඩ රෝග පිළිබඳවයි.
01. කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම
කොලෙස්ටරෝල් ඇති වෙන්න මූලික වෙන්නේ මේදය වුනත් කොලෙස්ටරෝල් මට්ටම ඉහල යන්න එක් හේතුවක්, අඩු කෙඳි ආහාර පරිභෝජනය වෙන්න පුළුවන්. ඇති වෙලා තියෙන කොලස්රරෝල් මට්ටම පාලනය කර ගන්න සහ ඇති වෙන්න තියෙන අවදානමෙන් මිදෙන්න තන්තුමය ආහාර බොහෝ ලෙස උදවු වෙනවා. සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලමින් හදවත සුරකින්නත් කිරීටක හෘද රෝගවල අවධානම අඩු කරන්නත් තන්තු සහිත ආහාර උදවු වෙනවා.
02. බඩ පිපුම
වැරදි ආහාර රටාව සහ තන්තුමය ආහාර හිඟ වීම නිසා බඩ පිපුම ඇති වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන තන්තු නොලැබී යාම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර හොඳින් දිරවිමටත් තන්තු උපකාරී වෙනවා. එය නොලැබී යාම මෙවැනි තත්ත්වයන් වලින් ඔබ අපහසුතාවයට පත් කරනවා.
03. රුධිරගත සීනි මට්ටම ඉහල යාම
කෙඳි සහිත ආහාර නොලැබී යාම නිසා ඇති වන තවත් අහිතකර තත්ත්වයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා තන්තු බහුල ආහාර ආහාරයට ගැනීම ගැන අනිවාර්යෙන් අවදානය දිය යුතුයි. තන්තු මඟින් සීනි රුධිරයට අවශෝෂණය කර ගැනීම ප්‍රමාද කරවන නිසා දියවැඩියා රෝගය පාලනයට එය ඉතා වැදගත්.
04. මලබද්දය
මලබද්ධය කියන්නේ බහුතරයක් දෙනෙක්ට පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන තත්ත්වයක්. ප්‍රමාණවත් තරම් කෙඳි සහිත ආහාර නොගන්නා විට ඇති වන රෝගී තත්ත්වයක් විදිහට මලබද්දය හඳුන්වන්න පුළුවන්. එය එකම හේතුව නොවුනත් කෙඳි සහිත ආහාර නොලැබී යාම එම කටයුතු අසීරු කරනවා. අවම වශයෙන් දිනකට දෙවරක් ගැටලුවකින් තොරව මල පිට වීම සිදු විය යුතුයි. නමුත් ඔබට ඒ සම්බන්ධව ගැටළු පවතිනවා නම් ඔබ දැනටමත් මලබද්දය ඇති වී තියෙන්නට පුළුවන්.
05. කෑමෙන් සුළු වෙලාවකට පසුව නැවත ඇති වන කුසගින්න
තන්තු සහිත ආහාර ප්‍රමාණවත් තරම් නොලැබී යාම නිසා ඇති වන තවත් අපහසුතාවයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. නමුත් කෙඳි සහිත අහාර ඔබේ ඊළඟ කෑම වේලාව පැමිණෙන තුරු කුසගින්නක් ඇති නොවීමට උපකාරී වෙනවා. විශේෂයෙන් තන්තු වලින් පොහොසත් ආහාර ජලය අවශෝෂණය කරන අතර ඒ මඟින් නිතර නිතර කුසගින්න ඇති වීම වළක්වනවා.
(under the courtesy of hirutv.lk blog web)